෴ දේදුනු දස දහසක් ෴

දේදුනු දස දහසක්
දේදුනු දස දහසක් සෝදා ගෙන බිමට වැටෙන
වැස්සට මං තෙමුණා
රන් තරු මාල පොටක් ගෙල වට රැඳුණා
බලන්න මං ඒ කුමාරි නොවේ ද කියලා //


නම නොදන්න කුරුලු රෑන් පියඹා ගෙන ආවා
ඔබට දෙන්න ගෙනා ගී සීපද කුරුලු හොටෙන් වැටුණා
බලන්න මේ ඒ ගීතය නොවේ ද කියලා //


දුර ඉඳලා සුළඟ ඇවිත් මගේ කනට කොඳුරා
ඔබට දෙන්න කියා මල් සුවඳක් මගේ අතට දුන්නා
බලන්න මේ ඒ සුවඳම නොවේ ද කියලා //



පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගායනය - සුභානි හර්ෂණී
සංයුක්ත තැටිය - “රත්න ශ්‍රී උල්පත පාමුල”


|

0 comments:

Post a Comment