ජයමංගල ගී තාලෙට පිඹ පිඹ් බටදඬු නලා
ජය පැන් බොන සෙබල රැලක් විලසට හඬ තල තලා
රසකර මම පවසන්නෙමි මිණිකිංකිණි සොලවලා
අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුටුවෙලා
පරයන ඉඳුනිල් කැටය - දෙනෙතෙහි ඇති රන් වටය
වසඟ නොවන්නේ කවුරුද නෑනගෙ එක බැල්මටය
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට
පොත්ටික තුරුලට අරන් - මුව මදහස රැලි පෙරන්
පාසල් යන දෙවැට දිගේ නෑනා මගෙ රත්තරන්
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට..//
අඩ සඳ වන් නලලතේහි - චන්දන තිලකය ඇතේ
ඉඳපිල වැනි කෙස්කලඹ්ට කිතුල් රෑන පැරදෙතේ
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට..//
මුහුදෙහි රළ පෙළගැසී - ගමන සදිසි යන ලැසී
ඇගෙයි මගෙයි ආදරයට ආසිරි මල් වැසි වසී
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට..//
නෑඹුල් ගත කිතිකැවී - නවරස දුන් සරසවී
මගෙ දුප්පත් පැලේ ඉන්න එනවද මදුමාදවී
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට..//
ඔබෙන් ලැබෙන තොත්තුවේ - රසයට හද පත්තුවේ
කිරියිපැනියි වගේ ඉන්න එනවද මගෙ වස්තුවේ
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට..//
කරදර බාදක මැද්දේ - දිවිඟඟ පහලට පැද්දේ
ගල්පර දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට..//
හසරැලි නැත්තම් මුහුනේ - සිතුවිලි ලස්සන නැහැනේ
වේදනාව නැති ලොවේ ජීවිත රසවත් නොවේ
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට..//
ගන්නෙද ඔබ වාඩුවක් - නැහැ මට ඉන් පාඩුවක්
හදමුද අපි කූඩුවක් වෙමුද පරෙවි ජෝඩුවක්
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට..//
ජය පැන් බොන සෙබල රැලක් විලසට හඬ තල තලා
රසකර මම පවසන්නෙමි මිණිකිංකිණි සොලවලා
අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුටුවෙලා
පරයන ඉඳුනිල් කැටය - දෙනෙතෙහි ඇති රන් වටය
වසඟ නොවන්නේ කවුරුද නෑනගෙ එක බැල්මටය
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට
පොත්ටික තුරුලට අරන් - මුව මදහස රැලි පෙරන්
පාසල් යන දෙවැට දිගේ නෑනා මගෙ රත්තරන්
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට..//
අඩ සඳ වන් නලලතේහි - චන්දන තිලකය ඇතේ
ඉඳපිල වැනි කෙස්කලඹ්ට කිතුල් රෑන පැරදෙතේ
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට..//
මුහුදෙහි රළ පෙළගැසී - ගමන සදිසි යන ලැසී
ඇගෙයි මගෙයි ආදරයට ආසිරි මල් වැසි වසී
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට..//
නෑඹුල් ගත කිතිකැවී - නවරස දුන් සරසවී
මගෙ දුප්පත් පැලේ ඉන්න එනවද මදුමාදවී
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට..//
ඔබෙන් ලැබෙන තොත්තුවේ - රසයට හද පත්තුවේ
කිරියිපැනියි වගේ ඉන්න එනවද මගෙ වස්තුවේ
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට..//
කරදර බාදක මැද්දේ - දිවිඟඟ පහලට පැද්දේ
ගල්පර දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට..//
හසරැලි නැත්තම් මුහුනේ - සිතුවිලි ලස්සන නැහැනේ
වේදනාව නැති ලොවේ ජීවිත රසවත් නොවේ
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට..//
ගන්නෙද ඔබ වාඩුවක් - නැහැ මට ඉන් පාඩුවක්
හදමුද අපි කූඩුවක් වෙමුද පරෙවි ජෝඩුවක්
මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට..//
0 comments:
Post a Comment