෴ කොහේ සිට ඔබ පැමිණියේ දෝ ෴

කොහේ සිට ඔබ පැමිණියේ දෝ
සිහිනයේ රැඳුණු ඒ අප්සරා
මගේ ඉරබටු තාරකා
ඔබට ගැයෙනා නැවුම් කුලුඳුල්
ප්‍රේම ගීයයි මේ
කොහේ සිට ඔබ පැමිණියේ දෝ


දෙනෝ දාහක් අවට සිටිය ද
තනිවෙලා වේදනා වින්දෙමි මම්
නුවන් දාහක් අවට දුටුව ද
දෙනෙත නළවන නෙතක් නුදුටිමි මම්
කො‍ෙහ් සිට ඔබ පැමිණියේ දෝ


පාළු ගණඳුරු රුදුරු රෑ මැද
නෙත වසා ආදරේ පැතුවෙමි මම්
මගේ සුසුමන් දැනෙන තරමට
ඔබට ළං වී කෙදින හිඳිමි ද මම්
කොහෝ සිට ඔබ පැමිණියේ දෝ


පද රචනය - කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීතය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
චිත්‍රපටය - “පොඩි මල්ලී” (1979)


|

0 comments:

Post a Comment