෴ තරු රෑනේ අපි සැඟවෙනා ෴

තරු රෑනේ අපි සැඟවෙනා
මේ නිල්පාට පෙම් කල්පනා
විහඟ රෑනේ අපි ඉගිලෙනා
මේ උන්මාද පෙම් කල්පනා

තනිව හිඳ අප එදා ලොවට රහසක් වෙලා
දෙදෙන තෙපලූ කතා රුදුරු සුළඟේ ගියා
කඳුළු සරදම් කලා ළඟම ඉන්නයි කියා
ඔබගෙ තුරුලේ එදා සැනසූ යුවති මේ මා තමා

තරු රෑනේ අපි සැඟවෙනා
මේ නිල්පාට පෙම් කල්පනා
විහඟ රෑනේ අපි ඉගිලෙනා
මේ උන්මාද පෙම් කල්පනා

මේ උන්මාද පෙම් කල්පනා..../////



ගායනය :- සමිතා මුදුන්කො‍ටුව සහ උපාලි රඹුක්කනගේ


|

0 comments:

Post a Comment