෴ මග නොදැනා (ඉඟි බිඟි සේනා සතුටම ගේනා ..) ෴


මග නොදැනා කොහෙට යාවිද අපි සැවොමා නොදනිනා ..  
අපි පතනා දෙයම වේවිද නොමවටහා හැසිරෙනා  
ආදරයම විඳිනාම තරමට ජීවිතයම දැනෙනා  
ජීවිතයක දුටු හීන බිඳුනට අපි සතුටින් වෙසෙනා ..  

ඉඟි බිඟි සේනා සතුටම ගේනා .. 
සැනසුම ගේනා සිතිවිලි ඕනා ..  
අපි පසුකරනා මොහොතක් පාසා  
සතුටම රදවා හිනැහෙමු සැවොමා 
ලන්වීලා ...  💕💕


අත හැරදා දැනෙන පාලුව සිත නොරිදා විඳිමිනා ..  
උප උපනා සසරෙ ආයෙම අප හමුවේ නොවරදා..
හමුවී ඇති බව ඈත සසරෙම හදවතටම දැනෙනා..
හුරුපුරුදුයි අපි නේද අපටම සුපුරුදු බව හැ‍ඟෙනා..

ඉඟි බිඟි සේනා සතුටම ගේනා..  
සැනසුම ගේනා සිතිවිලි ඕනා ..  
අපි පසුකරනා මොහොතක් පාසා  
සතුටම රදවා හිනැහෙමු සැවොමා  
ලන්වීලා ... 💕💕

සිත්තම් වෑහේ ගෙත්තම් සිහිනේ..  
රිද්දන් බෑනේ හැඟුමන් ආයේ ..  
මේවාගේ ලන්වී සැමදා ..  
සන්තාපේ ශෝකේ පරදා ...  

ඉඟි බිඟි සේනා සතුටම ගේනා ..  
සැනසුම ගේනා සිතිවිලි ඕනා ..  
අපි පසුකරනා මොහොතක් පාසා  
සතුටම රදවා හිනැහෙමු සැවොමා 
ඉඟි බිඟි සේනා සතුටම ගේනා ..  
සැනසුම ගේනා සිතිවිලි ඕනා..  
අපි පසුකරනා මොහොතක් පාසා 
සතුටම රදවා හිනැහෙමු සැවොමා  
ලන්වීලා..💕💕


ගායනය :- රවීන් කණිෂ්ක, කණිෂ්ක ප්‍රසාද්, විරාජ් භාතිය, කල්පනා කාවින්දි, උපේකා නිර්මාණී
තනුව සංගීතය :- නිමේෂ් කුලසිංහ
ගී පද :- ශෙහාන් ගලහිටියාව 


 


|

0 comments:

Post a Comment