හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේළ සුළඟේ පා කළේ
ඔබ නේද මාගේ බිසෝ
රන්තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාළිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ
මධුපානයක් සේ වෑහිලා
යනවා ද දෙතොලේ ගෑවිලා
මනමාලයන්ගේ චේතනා
නොකියා ද පානා සිනා
මුතු මාලයක් සේ යාවුණේ
අපි ආත්ම ගණනේ පෑ සෙනේ
මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේළ සුළඟේ පා කළේ
ඔබ නේද මාගේ බිසෝ
රන්තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාළිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ
මධුපානයක් සේ වෑහිලා
යනවා ද දෙතොලේ ගෑවිලා
මනමාලයන්ගේ චේතනා
නොකියා ද පානා සිනා
මුතු මාලයක් සේ යාවුණේ
අපි ආත්ම ගණනේ පෑ සෙනේ
මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා
පද රචනය :- සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය :- සරත් දසනායක
ගායනය :- ලතා වල්පොල සමඟ ග්‍රේෂන් ආනන්ද
0 comments:
Post a Comment