෴ ආලෙන් වෙලී හිතේ තුරුළු වී ෴

ආලෙන් වෙලී හිතේ තුරුළු වී
සරා සඳ දිගේ සුසුම්සර වැදී
නොයා හිතුමතේ බැඳී ආදරෙන්
කියා ගන්න බෑ මගේ ආදරේ

හීන අහුරු වල ගුලි වීලා

සුපෙම් නුහුරු ගති නුඹ පානා
ප්‍රේම පවුරු ලෙන්ගතු වීලා
සුසුම් මිතුරු වී හිත පීරා
පෙරුම් පුරා මට ළං වීලා
හිතේ ඉන්න දඟකම් පාලා

ආලෙන් වෙලී.........

දෙතොල් හාදු වැස්ස වහීවී
අලුත් අහසේ නුඹ පායාවී
දෙනෙත් වලින් කතා කියාවී
වදන් මියුරු කවි අමුනාවී
නුඹයි සත්සරේ වීණාවී
සෙනේහයෙන් හිත පීනාවී

ආලෙන් වෙලී.........////


ගායනය :- රුවන් හෙට්ටිආරච්චි 
පද රචනය :- ජගත් පෙරේරා
සංගීතය :- බිලී ප්‍රනාන්දු


|

0 comments:

Post a Comment