෴ ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා ෴

ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා 
ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා
රහසේම කවුදෝ ඉක්මන් වෙලා
හඬවාල මගේ දෑස ඔබ ගෙන ගියා
දැන උන්නා නම් මේ ආදරේ
ඔබ යන්නෙ නෑ මා දමා

දහසක් පැතුම් මහදේ සිර කොට තබා
මා පෙම් කළේ සිතින් සුසුමන් දරා
මා තුරුලේ ඔබ උන්න හීනෙන් පවා
ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා
දැන උන්නා නම් මේ ආදරේ
ඔබ යන්නෙ නෑ මා දමා

දෙනුවන් අගට රහසේ කඳුලැල් උනා
ඔබ ගැනම රෑ තිස්සෙ සිහිපත් කළා
මා පෙම් කළ බව තාම නොදනී ඔයා
අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා
දැන උන්නා නම් මේ ආදරේ
ඔබ යන්නෙ නෑ මා දමා

ආදරේ තරම්......



ගායනය :- ශාන් හසීම් 


|

0 comments:

Post a Comment