දේදුනු දස දහසක් සෝදා ගෙන බිමට වැටෙන
වැස්සට මං තෙමුණා
රන් තරු මාල පොටක් ගෙල වට රැඳුණා
බලන්න මං ඒ කුමාරි නොවේ ද කියලා //
නම නොදන්න කුරුලු රෑන් පියඹා ගෙන ආවා
ඔබට දෙන්න ගෙනා ගී සීපද කුරුලු හොටෙන් වැටුණා
බලන්න මේ ඒ ගීතය නොවේ ද කියලා //
දුර ඉඳලා සුළඟ ඇවිත් මගේ කනට කොඳුරා
ඔබට දෙන්න කියා මල් සුවඳක් මගේ අතට දුන්නා
බලන්න මේ ඒ සුවඳම නොවේ ද කියලා //