෴ පියඹමි සිතු ලෙස අහසම මගේ ලෙස ෴

පියඹමි සිතු ලෙස 🕊
අහසම මගේ ලෙස 🌤
මා සිත පාවෙන අතට බැඳි
සවනට මීවිත ගීයකි කෝමල පාවේ මිහිරි වැකි. 🎭

කෝල කතාවට ලීලය පෑවට
ලොවම දයාබර නෑ නැගනී 💞
කඩු තුඩු ඇතිමග සැඟවනූ ලෝකය ජීවතට හරි විඩාවකි. 🙇

බාල බොලඳ විය සමනල් තටු මත කල එලි වන්නට ඉඩක් නොදී
හැම නැගනියටම ඔබ වැනි සොයුරන් ඇත්නම් ලෝකය හුගක් වටී. 💗

පායන සඳකට කලුවර ලඟ ඇත කුසුමට නටුවේ කටුද වැනී
හසරැල් පුසුපස කඳුලක් ඇති වග සිත තුල රඳවා ගනු මැනවී.. 💙

සිහිනය දොරකඩ කල්යල් අරගෙන ජීවිතයම යස සිහිනයකි.
ජීවිත අභියස ජීවත් වීමද දින ගානේ ඉපැදුමක් වැනී.... 💐

ජීවිතයම යස සිහිනයකි.
දින ගානේ ඉපැදුමක් වැනී....!! 💐💐


ගායනය:- එඩ්වඩ් ජයකොඩි සමග උමාලි ඉරුදිනි තිලකරත්න



|

0 comments:

Post a Comment