෴ ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී ෴

ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වූවා

ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේමා

මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ
මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ
මා හද රහසේ බැඳුනා පහසේ
ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උනුසුම් සුව ගැවසේ
ඔබෙ රුව ඡායා සැඟවේ පායා

මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ඔබෙ රුව ඡායා සැඟවේ පායා //


පද රචනය : ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය : නිමල් මෙන්ඩිස් 




|

0 comments:

Post a Comment