෴ තුමුල නමුනුකුල ගිරිහිස ( උමා ) ෴

තුමුල නමුනුකුල ගිරිහිස උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එලියට
ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා... 💞

නුඹේ වත මඬල සඟවා මුවා වෙන ලෙසින්
අතුරන සීත පිණි නිසා තිලකය පාළු වෙයි උමා

සීත මීදුමේ තිර පට වළලු ලූ අතින් ඉවතට
ඈත්කර හොරෙන් හෙමිහිට බලාපන් උමා... 🌹

තුමුල නමුනුකුල ගිරිහිස උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එලියට
ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා...💞

කන්ද උඩ රුවින් දිදුලන කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා හිතනවද උමා
අප වටා නැඟෙන උවදුරු ඈත් වී නොබෝ කලෙකින්
පිච්ච මල් සුවඳ විතරක් ඉතිරි වේද උමා.. 🌺

තුමුල නමුනුකුල ගිරිහිස උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එලියට
ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා... //// 💞


ගායනය: සමන් ජයනාත් ජිනදාස



|

Read Users' Comments ( 0 )

෴ ඔබ මගේ ජීවයයි.. (ආදරේ සුන්දරයි..) ෴

ඔබ මගේ ජීවයයි..
මා හදේ රිද්මයයි..
කුළුඳුලේ සිත් මලයි..
ආදරේ.. 💐

මල් පිපෙන කාලයයි.. 💐
කුරුළු ගී නාදයයි..
හද ගැහෙන රාවයයි..
ආදරේ...... 🌹

ආදරේ සුන්දරයි..
ජීවිතේ මල් මිටයි..
දිවි මගේ නිම්තෙරයි..
ආදරේ ඔබටමයි.. 💋
ආදරේ සුන්දරයි..
ජීවිතේ මල් මිටයි..
දිවි මගේ නිම්තෙරයි..
ආදරේ ඔබටමයි.. 💘

ඔබ පුසුඹයි මට දිවි මග තිබෙන තුරා..
නෙතු බැල්මට හිරු එළියත් පරදවනා..
මුදු වදනට සඳ සිසිලත් පුබුදුවනා..
මේ මිහිමඬලේ සිරිදුව ඔබ මවනා..

ආදරේ සුන්දරයි..
ජීවිතේ මල් මිටයි..
දිවි මගේ නිම්තෙරයි..
ආදරේ ඔබටමයි. 💘

ආදරේ සුන්දරයි..
ජීවිතේ මල් මිටයි..
දිවි මගේ නිම්තෙරයි..
ආදරේ ඔබටමයි.. 🌺

දිව යයි තැන තැන සිත නම් කීකරු නෑ..
දිදුලයි දෙකොපුල් ඔබගෙන් වදනක් නෑ..
කොඳුරන කිංකිණි පද වැල් එතරම් නෑ..
ගං දෑලම දැන් දෙගොඩ තලන්නෙත් නෑ..

ආදරේ සුන්දරයි..
ජීවිතේ මල් මිටයි..
දිවි මගේ නිම්තෙරයි..
ආදරේ ඔබටමයි..💘

ආදරේ සුන්දරයි..
ජීවිතේ මල් මිටයි..
දිවි මගේ නිම්තෙරයි..
ආදරේ ඔබටමයි..

ආදරේ සුන්දරයි.. 🌺
ජීවිතේ මල් මිටයි..
දිවි මගේ නිම්තෙරයි..
ආදරේ ඔබටමයි.. 💘





|

Read Users' Comments ( 0 )

෴ ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී ෴

ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වූවා

ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේමා

මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ
මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ
මා හද රහසේ බැඳුනා පහසේ
ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උනුසුම් සුව ගැවසේ
ඔබෙ රුව ඡායා සැඟවේ පායා

මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ඔබෙ රුව ඡායා සැඟවේ පායා //


පද රචනය : ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය : නිමල් මෙන්ඩිස් 




|

Read Users' Comments ( 0 )

෴ ඒ මගේ මලයි... ෴

මල සරසාගෙන
මල් නැලවෙනකොට
ඒ මල දු‍ටුවේ මලයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...

මල වටකරගෙන
මල් හිනැහෙනවිට
ඒ ළඟ හිටියේ මමයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...

පියගැට මුදුනින්
පි‍ටුපා යනකොට
ආපහු හැරී බලා
හිනැහුනේ මටයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...

උඩ මහ මළුවෙන්
වැඳගෙන එනවිට
යන්නට ඉඩ හැරලා
අත වැනුවෙ මටයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...

තර‍ඟෙට අපි උරුම හරුමකම් කීවට
කැලේ පිපෙන්නෙ එක මලද යාළු

කැලේ පිපෙන මල් වලින් රොන් බොන්න එන්න බඹරුන්ට
වැටවල් බඳින්න බෑ යාළු

පිපුන මලක සුවඳට ඉස්සරහින් යන්නේ
අපි වගේ සුළං ‍රැල්ලක් යාළු

ගිම්හානය දුරු කරන්න වැස්සෙන් මිසක්
පින්නෙන් පිහිටක් නෑ යාළු...

මගේ මලයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි..
නෑ නෑ නෑ ඒ මගේ මලයි.....


A song By Harsha & Ranil 
Lyrics By: Lucian Bulathsinghala 
Music By: Harsha Bulathsinghala




|

Read Users' Comments ( 0 )

෴ දෑසෙ විමන් දොරින් ෴

දෑසෙ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොලු බසින්
පරෙවි රැජින ලෙසින්
ඔබ පියඹා ගොසින්

පැහැය සුවඳ ඇතී
සිහින් සිනිඳු පෙතී
රේණු සැලෙන මුදු
පිපුණු මලක් බඳු

දෑසෙ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොලු බසින්
පරෙවි රැජින ලෙසින්
ඔබ පියඹා ගොසින්

ඔබේ සළුවෙ වැදී
සිහිල් සුලං ඇදී
හෙමින් සැරේ එබී
මගේ සවන් සිඹී

දෑසෙ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොලු බසින්
පරෙවි රැජින ලෙසින්
ඔබ පියඹා ගොසින්

මහද කුටිය පුරා
ඔබ සැරි සර සරා
බෙදයි මියුරු නුරා
විඳිමි පෙරුම් පුරා

දෑසෙ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොලු බසින්
පරෙවි රැජින ලෙසින්
ඔබ පියඹා ගොසින්


ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
ගැයුම: එච්.ආර්.ජෝතිපාල
සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම
අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
තිරගත වූ වසර :1972






|

Read Users' Comments ( 0 )