ගලා යන ගඟේ සඳ දියේ මැවී කොඳ මල් මුහුණ දිළේ.. 
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ පාළුවයි ළං කළේ...


මද සුලං රැලී අතු අගින් ඇදී මොනවදෝ කියන්නේ..
ඒ සුලං රැලී සිසිලසින් වෙලී හදවතට දැනෙන්නේ... 
පාලුවත් සුන්දරයි... 
ආදරේ සුන්දරයි ... 💙💘

හවසට හමු වී ආයෙත් වෙන් වී ජීවිතේ ගෙවෙන්නේ..
සද එලිය වගේ ජීවිතේ පුරා ආදරේ දැනෙන්නනේ... 
පාලුවත් සුන්දරයි... 
ආදරේ සුන්දරයි... 🌹🌹💕

තරු කැට වට වී රාත්‍රිය පුරා සඳේ තනි රකින්නේ.. 
සඳේ කවදදෝ සඳ කැන් යාමේ මා තුරුලට එන්නේ.... 
පාලුවත් සුන්දරයි... 
ජිවිතේ සුන්දරයි... ❤️❤️❤️

ගලා යන ගඟේ සඳ දියේ මැවී කොඳ මල් මුහුණ දිළේ.. 
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ පාළුවයි ළං කළේ... 💝💝

ගායනය :- රවීන් කණිෂ්ක
තනුව :- රංජිත් ප්‍රේමවීර
ගී පද :- ලක්සිරි වික්‍රමගේ
සංගීතය :- නිමේෂ් කුලසිංහ




|

0 comments:

Post a Comment