෴ පෙම් රස වෑහෙන ෴

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධු රස වෑහෙනා - ආදර නැකත ළඟාවේ
නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොළඟ ගී සැලේ - මී වද සුවඳ සදා දේ


පෙම් කතරේදී දෑස නිවාලන
අවාරයේ ආ පිනි වරුසා වේවා..//
ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පාවේවා


පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධු රස වෑහෙනා - ආදර නැකත ළඟාවේ
නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොළඟ ගී සැලේ - මී වද සුවඳ සදා දේ


සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා - සදාතනික වේවා..//
සසරින් සස‍ෙර් එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා


පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධු රස වෑහෙනා - ආදර නැකත ළඟාවේ
නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොළඟ ගී සැලේ - මී වද සුවඳ සදා දේ

ආදර නැකත ළඟාවේ -  මී වද සුවඳ සදා දේ ///

පද රචනය :- සෝමපාල ලීලානන්ද
ගායනය :- ආචාර්ය වික්ටර් රත්නායක සමඟ ඉන්ද්‍රාණි පෙරේරා
චිත්‍රපටය :- ‘සදහටම ඔබ මගේ’ (1973)



|

0 comments:

Post a Comment