෴ පෑල දිග අහසේ පාට දේදුනු සේ ෴

පෑල දිග අහසේ පාට දේදුනු සේ
රැදී නොරැදී මගේ මතකේ
හිඳී ඔබ රහසේ
ලබැඳී මියුලැසියේ

සිතින් මගෙ සිත දරාගෙන ඔබ
ගෙවා ආ මග ඉතින් නිමවේවි
කඳූළු ගංතෙර නතරවෙමි මම නම්
සිනා තොටුපල සොයා යනු මැන
ලබැඳී මියුලැසියේ

පෑල දිග අහසේ පාට දේදුනු සේ
රැදී නොරැදී මගේ මතකේ
හිඳී ඔබ රහසේ
ලබැඳී මියුලැසියේ......

කිරි සිනාවක සුවඳ කැටිවුණු
සිහින ගිනිගත් වසන්තය මිහිරියි
කඳූළු ගංතෙර නතරවෙමි මම නම්
කඳූළු තොටුපල අතැර යනු මැන
ලබැඳී මියුලැසියේ

පෑල දිග අහසේ පාට දේදුනු සේ
රැදී නොරැදී මගේ මතකේ
හිඳී ඔබ රහසේ
ලබැඳී මියුලැසියේ......


ගායනය :- ලක්ෂ්මන් හේවාවිතාරණ


|

Read Users' Comments ( 0 )

෴ හැමදාමත් යාලුවේ ෴

හැමදාමත් යාලුවේ මම ඉන්නෙමි පාලුවේ
මගේ පාලු පැලට එන්න කවුරුත් නෑ යාලුවේ

පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිඟු සේ මා
නිති ගෙහිඋයන වැද රඟ දුන් පැණි සමනල සේනා
සපැමින ඔබ වෙණ වැයූ මා අභියස ගී ගැයූ

සවු සිරි සැප මා අත හැර අද වෙනතක ඇදීලා
පින්මද තනිකම තනියට මගෙ පැල තුල රැඳිලා
බිතු සිතුවම් රූ වැනී ඔබ කොතනද මිතුරනී
 

ගායනය :- සෝමතිලක ජයමහ


|

Read Users' Comments ( 1 )

෴ අපි ඔක්කොම රජවරු ෴

අපි ඔක්කොම රජවරු
ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම මව්වරු
ඔක්කොම පියවරු
තුන් සිංහලයම දූ දරුවෝ.......

ජය දද බන්දා සිරිදුව කැන්දා
රුපු සෙන් ඔද තෙද බින්දා
හද අරවින්දා කර සිරි නන්දා
පරගැති සිත ගත බින්දා...........

හිත මල් පිපුණා
හස‍රැල් නැගුණා
හද සෝගිණි දැල් නිවුනා
නෙතු කැන් දිලුණා
සිතු වැල් බැඳුණා
ජය මංගල ගී ගැයුනා........


ගායනය :- වික්ටර් රත්නායක


|

Read Users' Comments ( 0 )