෴ මගේ නීල නෙතු සඟලින් ෴

මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ



මිදුලේ නිල් පුනීල මල්
හැන්දෑවේ කාන්තියෙන්
ඔබ මට දුන් ඔබේ කවිය
උදුරා ගෙන කියවනවා

හඳ එළියේ හාන්සි වී
ඒ කවියේ රස වින්දා
එදා රැයේ මගේ දෑස
ඔබේ නමින් ඉකි බින්දා


ගායනය :- ඉන්ද්‍රානි බෝගොඩ


|

Read Users' Comments ( 1 )

෴ කවියකට පද සොයන කවිකාර සිත අතර ෴

කවියකට පද සොයන
කවිකාර සිත අතර
හැඩකාර ඔය දෑස
දඟකාරකම් කරයි
කවියක් තවත් කුමට
කවියක්ය නුඹ මෙමට
ගහ කොළද මද නලද
නුඹ හට කවි බඳියි.......................

පින්න පිරි තණ පතක්
අන්දමන්දව බලයි
පුංචි සුදු පා පොඩි
තණ පලස සිපගනී............

                                                                                                        කවියකට..............

                                                                                                        සුළඟ ඉඟි බිඟි කරයි
                                                                                                        කෙහෙ‍රැල්ල දඟ කරයි
                                                                                                        හිරු කිරණ හොරෙන් මිදී
                                                                                                        සුදු මුවට හැඩ දමයි

                                                                                                        කවියකට..............


                                                                                      ගායනය :- රොෂාන් ප්‍රනාන්දු


|

Read Users' Comments ( 0 )

෴ තුරු මුදුනක රොනින් සැලී ෴

තුරු මුදුනක රොනින් සැලී
මල්සර මධු සඳත් අරන්
ගිරි සිරසක බලා හිඳින්නම්...
ඔබ එනව ද ආදරේ අරන්...

නිල් දිය මත නිලට පිපී
නිසල විලක සිසිල අරන්
අලුත් හෙටක හමුවෙන්නම්...
හිත පුරාම ආදරේ අරන්...

හැඟුම් නැගේ රැහැන් මිදේ
දැහැන් බිඳේ...මේ රාත්‍රියෙ සෝ තැවුල් දැනේ...
පැතුම් පිපී නුවන් විලේ
සිතුම් සැලේ...
මේ රාත්‍රියෙ නුරා හැඟුම් පිරේ...

මෙවන් රැයේ පහන් නිවේ
සඳත් හෙමි හෙමින් සැඟවේ...සීතලේම උණුහුමක් දැනේ...
ළවන්තලේ සැලී සැලේ
ඇසත් හෙමි හෙමින් පියැවේ...
සරා හැඟුම් නැගේ මෙවන් රැයේ..
ගායනය :- කසුන් කල්හාර , චම්පා රූපිකා


|

Read Users' Comments ( 1 )